14 Jul 2015
මහේලට එංගලන්ත පිළේ පුහුණු තනතුරක්
ශ්‍රී ලංකා කි‍්‍රකට් පිළේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන, එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ එංගලන්ත වෙබ් අඩවි කිහිපයක්ම මේ පිළිබද වාර්තා පළ කර ඇති බවයි. මේ වන විටත් එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග එ් පිළිබද සාකච්ඡා කර ඇති බවයි එම වාර්තාවල දැක්වේ.
2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීම සඳහා පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් වත්මන් එංගලන්ත පුහුණුකරු වන අතර, ඔහු ඒ සඳහා මැදිහත් වී ඇති බව සදහන්.
කෙසේ නමුත් ඒ සඳහා මෙතෙක් ගිවිසුමකට එළඹී නොමැති බව එංගලන්ත ක්‍රිකට් අධ්යක්ෂ ඇන්ඩෲ ස්ට්රවුස් ප්‍රකාශ කර තිබේ.