16 Sep 2015
මානව හිමිකම් වාර්තාව අද ජිනීවා සමුළුවට
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව මෙරට වේලාවෙන් අද පස්වරු දෙකට ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන බව ජගත් සංවිධානය තහවුරු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක රවීනා ෂාම් ඩේසානි අද ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළ කරමින් පවසා ඇත්තේ එහි බරපතල කරුණු කිහිපයක් ද ඇතුළත් වන බවයි. කෙසේ වෙතත්, ඊට පිළිතුරුදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් සැලසෙයි.
එසේම මෙම වාර්තාව පිළිබඳව ලබන 30 වනදා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රකාශ කර ඇත. එහිදී අද ඉදිරිපත් වන වාර්තාව සැළකිල්ලට ගෙන ඊට අදාළව සවිස්තරාත්මක ප්‍රතිචාර දැක්වීමක් සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.