06 Feb 2015
රාක්ෂයෙක් වෙන්න හදන මිනිසෙක්
ලස්සන වෙන්න ඕනෑම දෙයක් කරන පුද්ගලයින් ඉන්න මෙවැනි වකවානුවක විරූපී රාක්ෂයකුගේ පෙනුමක් ලබාගැනීමට වෙහෙසෙන පුද්ගලයකු සිටින බව කිවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත.
නමුත් එවැනි පුද්ගලයෙකු ගැන අපුරු පුවතක් මේ දින වල අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතී.
Henry Damon නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා තම සිවරුපය වෙනස් කරගැනීමට කටයුතු කර තිබෙන්නේ ප්රකට චිත්රපටයක් වන captain america හි දුෂ්ටයකුගේ චරිතයක් වන red skull ලෙසිනුයි.
මේ සඳහා ඔහු සැත්කමක් මගින් තම නාසයේ කොටසක් ඉවත් කරගෙන ඇති අතර මුහුණේ භාහිර ස්වරුපයද red skull ලෙසින් සකසාගෙන ඇත.
තවමත් සම්පුර්ණයෙන්ම එම පෙනුම ලැබී නොමැති බව පවසන ඔහු, ඉදිරියේදී ඒ සඳහා තවත් වෙනස්කම් සිදු කරන බවත් තම මුහුණ රතු පාටින් වර්ණ ගැන්වීමට කටයුතු කරන බවත් පවසයි.
ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්.