09 Aug 2015
ලිංගික අපරාධ වැළැක්වීමට පියවර ගන්නවා
ඉදිරි එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ජාතික කාන්තා කොමිසමක් සහ ලිංගික අපරාධ වළක්වන ජාතික කොමිසමක් පිහිටුවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
කාන්තාවන් වෙනුවෙන් අවම ජනතා නියෝජනය සියයට 25 දක්වා ඉහළ නංවන බවත්, අගෝස්තු 17න් පසු බිහිවන එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කාන්තා අයිතිවාසිකම් පනතක් ගෙන එන බවත් හෙතෙම සඳහන් කර තිබේ.
ඒ දෙනියාය – මොරවක ප්රදේශයේ ඊයේ (08) පැවති ජනහමුවකට එක්වෙමින්.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී ස්ත්රී දූෂකයන්ට විශේෂ අනුග්රහයක් ලැබුණු බවද අග්රාමාත්යවරයා පෙන්වා දී තිබේ.