විද්‍යා දුෂණය කළ හැටි කියද්දී ඇයගේ මව සහ සොහොයුරා සිහිසුන් වෙයි
පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් පසුගියදා නැවත කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
එම සිද්ධියට අදාලව සාක්ෂි කැඳවන අවස්ථාවේ කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු පාසල් සිසුවිය දුෂණය කර මරා දමා තිබූ ආකාරය විවෘත අධිකරණයේදී විස්තර කර තිබේ.
එය ඉතා සංවේදී අවස්ථාවක් වී ඇති අතර විද්‍යාගේ මව සහ සොහොයුරා එම අවස්ථාවේ සිහිසුන් වී තිබේ. පසුව පොලිස් නිලධාරීන්ගේ සහය ඇතුව පිටතට රැගෙන පැමිණි ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31), මහාලිංගම් සුෂිදරන්(30), ශිවදේවන් තුෂාන්තන් (23), පී.කුගදාසන් (26) , ජෙයකරන් ගෝපිතන් (26) හා මහාලිංගම් සෂිකුමාර් (41) සහ එකම පවුලේ තිදෙනකු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් හා පූබාලසිංහම් තවකුමාර් යන සැකකරුවන් යළි ජුලි 13 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවරීමටත් කයිට්ස් මහේස්ත්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කර ඇත.