29 Sep 2015
10 වසරේ සිසුවියන් 4ක් අපයෝජනයට තැත්කළ ගුරුවරයෙක් මාට්ටු
මස්කෙළිය ප්‍රදේශයේ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (27.09) පස්වරුවේ එම පාසැලේ සිසුවින්ට ඔහුගේ නිවසේදී බාහිර පන්ති පවත්වන අවස්ථාවේ මෙම සිසුවියන් සිව්දෙනාව (4) අපයෝජනය කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එම සිසුවියන් සිව්දෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, මස්කෙළිය පොලීසිය පවසයි.
මෙම සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පැවසෙයි.