10 හැවිරිදි දරුවෙකු කපා කොටා ඝාතනය කරලා

null

අතුරුගිරිය – පනාගොඩ – කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 10 ක පිරිමි ළමයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු දේවින්ද කපුරුගේ නැමැති දරුවෙකි.

අද‍ පෙරවරු 10.30ට පමණ දරුවා නිවසේ නොසිටි බැවින් පියා අසල්වාසීන්ට දැනුම්දී දරුවා සොයන අවස්ථාවේ ළමයා ඔහුගේ නිවසට මීටර 500 ක් පමණ ඈතින් පිහිටි පාළු නිවසක මරා දමා සිටියදී සොයාගෙන ඇත.

එම ළමයාගේ අත් පා මෙන්ම ගෙල ද වෙන්ව යන ලෙස මෙම තිරිසන් අපරාධය සිදුකර ඇති බව පැවසේ.

එම පාළු නිවසේ පදිංචිව සිට ඇත්තේ ගල් වැඩපොළක සේවය කරන අයෙකු වන අතර මෙම සිද්ධියෙන් පසු ඔහු සොයාගන්නට නැතැයි පොලිසිය කියයි.

පරීක්ෂණ කටයුතු සඳහා ගල්කිස්ස පොලිසියේ නිල සුනඛ එට්කා ගෙන ඒමටද නියමිතය.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>