19 Jul 2015
11 වියැති දැරියට 60 පැන්න පුද්ගලයාගෙන් අතවර
වයස අවුරුදු 11ක දැරියක් දූෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – ආන්දන්කන්නිය ප්රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතු කරන අයෙකු බව පොලීසිය පවසයි. අතවරයට ලක්ව ඇත්තේද එම ප්රදේශයේම පදිංචි දැරිවියකි.
දැරිය නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙක් රැගෙන ගොස් අපරාධය සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරු වල සදහන් වේ.
සැකකරු මෙම අපරාධය සිදු කරන විට අධික ලෙස බීමතින් සිට ඇති බව පොලීසිය කියයි.
දැරිය කල්පිටය දිසා රෝහලට ඇතුළත් කර ඇත.