09 Nov 2015
12 ශෝක දිනය නිමිත්තෙන් සුරාසැල් වැසේ
ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ ආදාහනාපූජොත්සවය සිදුවන නොවැම්බර් මස 12 වන දින දිවයින පුරා මස් මංශ කඩ හා සුරාසැල් වසා තබන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එසේම එදින කොළඹ දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාශාලාද වසා තැබෙන බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අධ්‍යාපන කලාපයට අයත් පිරිවෙන් හා සියලුම පාසල් (10-11 ශ්‍රේණි හැර) වසාතැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනය කරයි.
10-11 ශ්‍රේණි සඳහා වාර විභාග පැවැත්වෙන බැවින් එම ශ්‍රේණි වෙනුවෙන් පමණක් පාසල්වල විභාග කටයුතු සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.