13 හැවිරිදි දැරියක් ත්‍රීරෝද රියකදී දුෂණයට

null

13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ත‍්‍රීරෝද රථයක් තුළදී අපහරණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැරියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ විමර්ශන ආරම්භ කර ඇත. පාසල් සිසුවියක වන තම දියණිය සැකකරු ත්‍රී රෝද රථයක නංවාගෙන ගොස් ඇයව අපහරණය කර ඇති බව දැරියගේ මව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

අපහරණයට ලක්ව ඇත්තේ ආඬිගම – පෙරියමඩුව පදිංචිකාරියක වන වයස අවුරුදු 13 යි මාස 05 වයසැති පාසල් සිසුවියකි.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු සමග දැරිවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්,එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇත බව දැනට කරණ ලද විමර්ශන වලින් අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>