13 හැවිරිදි සිසුවිය අඹු සැමි ඇසුරක් පවත්වා මාට්ටු

null

වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක් සමග අඹු – සැමි සම්බන්ධතා පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ තරුණයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේ පදිංචි 09 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි තම මව සහ සහෝදරයා සමග ඇය ජීවත් වන අතර තුර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එම සම්බන්ධතාවය නිසා දැරිවිය හමුවීමට සැකකාර තරුණයා ඇයගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ තම පෙම්වතා තමා සමග අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවත්,ඉන් පසුව අවස්ථා කීපයකදීම ඔහු තමන් සමග අඹු – සැමියන් ලෙස ගත කළ බවද අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

තම දියණිය ගැබිණියක් බවට පත් වී ඇති බව මව දැන ගැනීමෙන් පසුව මේ බව හලාවත පොලීසියට පැමිණිලි කර ඇත.

සැකකාර පෙම්වතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>