13 හැවිරිදි සිසුවෙක් ගෙල සිරකර ඝාතනය කර ළිඳකට දාලා

null

ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී අමානුෂික ලෙස ගෙල සිරකර ඝාතනය කොට අත්හැර දැමු ළිඳක දමා තිබියදී 13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

පනාමුර – ගොඩවෙල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන චතුර මධුවන්ත පාසල් වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව යළි නිවසට පැමිණ නොමැත. ඒ අනුව චතුරගේ පවුලේ සාමාජිකයන් සහ අසල්වාසීන් එක්ව රාත්‍රී වනතුරුම චතුර සොයා තිබේ.

සිසුවාගේ පාසැල පිහිටි ගොඩවෙල ප්‍රදේශයේ අත්හැර දැමු ළිඳක තිබී චතුරගේ සිරුර අසල්වැසියෙකු දැක ඇත්තේ ඒ අතුරතුරදී ය.

ඒ අනුව පණාමුර පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

චතුර තවත් 14 හැවිරිදි පාසල් සිසුවෙකු සමඟ ඔවුන්ගේ පාසලෙන් පිටත්ව ගිරවුන් ඇල්ලීමට ගොස් තිබේ. එහිදී අවුරුදු චතුර ගසකින් වැටී ළිඳට වැටුණු බව ඔහු සමඟ ගිය අනෙක් සිසුවා පොලීසියට ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණ පවත්වා ඇති අතර අදාළ මරණය සැක සහිත බැවින් අදාළ 14 හැවිරිදි සිසුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය පාසල් සිසුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී පහරදී ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පණාමුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>