15 දා වර්ජනය ක්‍රියාත්මකයි

null

පෙර තීරණය කරගත් පරිදි 15වෙනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

2016 අයවැය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ (12) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෘත්තීය සමිති නායකයින් අදාළ තීරණය දැනුම් දුන් අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ පැවති සාකච්ඡාවලින් සාධනීය විසඳුමක් නොලැබුණු බවයි.

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ වැඩිකළ රුපියල් දස දහසක දීමනාව මූලික වැටුපට එක් නොකිරීම ඇතුළු ඉල්ලීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

එසේම මේ මස 15 වනදා ඔවුන් විසින් කැඳවා ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වු වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් ප්‍රකාශ කළේ සාකච්ඡාව අසාර්ථක වූ බවයි.

ඒ අනුව එළඹෙන 15 වන දින පෙ.ව 7.00 ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජනය දියත් කරන බවත්, දුම්රිය ආදී ක්ෂේත්‍රවල 14 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනය ක්‍රියාත්මක බවත් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් වෘත්තීය සමිති සමග තවදුරටත් සාකච්ඡා කර තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් ලබා ‍නොදුන්නද, අවම වශයෙන් මෙම අයවැයේ පවත්නා අහිතිකර යෝජනා හකුළා ගැනීමට හෝ තවත් දින දෙකක කාලයක් පවත්නා බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>