15 වැනිදා දීපව්‍යාප්ත බස් වැඩ වර්ජනයක්
පෞද්ගලික බස් රථවලට බලපාන සේවා ගාස්තු හා බදු ඉහළ දැමීම මෙන්ම, නව බදු ක්‍රමවලට එරෙහිව මේ මස 15 වැනිදා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි බස් රථ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර අැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
කඩිනමින් මෙම ගැටළුවලට රජය විසඳුම් ලබානොදුනහොත් දෙසැම්බර් මස 15 වන දින දිවයිනපුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව නව බදු ක්‍රම අවලංගු නොකළහොත් ජනවාරි 01 වැනිදා සිට බස් ගාස්තුව 6%කින් ඉහළ දමන බව බස් සංගම් කිහිපයක් අග්‍රාමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත.
අයවැය මගින් දුම් විමෝචන ගාස්තුවක් හඳුන්වාදීම ඇතුළු නව බදු ක්‍රම හඳුන්වාදීමට අමතරව බස් රථයක් ආනයනය කිරීමේදී රුපියල් ලක්ෂ 25 ක බද්දක් අයකරගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව රුපියල් ලක්ෂ 45 ක් ලබාදී මිලදී ගත් බස් රථයක් සඳහා ලක්ෂ 70 ක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.