15 වියැති දියණියට පියාගෙන් දරුවෙක්

null

කළුතර – පයාගල ප්‍රදේශයේ තම 15 හැවිරිදි දියණිය අඹුවක ලෙස තබාගනිමින් ඇයව දුෂණය කළ පියෙක් පසුව ඇය සමග පැන ගොස් ඇති පුවතක් වාර්තා වේ.

පියා විසින් 15 හැවිරිදි දියණිය දූෂණය කිරීමෙන් ඇයට දියණියක් ලැබී ඇති අතර එම දැරිය හදාවඩා ගැනීමට වෙනත් කාන්තාවකට භාරදී තිබේ. එම දැරියගේ මවද සියලු තොරතුරු දැනගෙන සිට ඇති අතර ඇය ඒ පිළිබඳව වසන් කර ඇති බවද හෙළිව තිබේ.

අවස්ථා කිහිපයකදීම පිය විසින් දැරිය දුෂණයට ලක්ව ඇති අතර මවගෙන් එයට බාධා එල්ලවීම නිසා පසුගිය දිනක ලිපියක් ලියා දැරිය තම පියා සමග පැන ගොස් තිබේ.

තිස්අට හැවිරිදි තම සැමියා බාල වයස්කාරියක වූ දියණිය සමඟ පැනගොස් ඇතැයි පයාගල පොලිසියට පැමිණිලි කිරීමට පැමිණී මවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇය මේ පිළිබඳව වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දියණිය පාසලේ 8 වසරේ ඉගෙනුම ලබද්දී ඇගේ පියාගෙන් දූෂණයට ලක්ව 2014-10-17 දින හෝමාගම රෝහලේදී දියණියක ප්‍රසූත කර තිබේ. ඇයව දරුකමට හදා ගැනීමට වෙනත් කාන්තාවකට භාරදී දියණිය සැමියාගෙන් බේරා ගැනීමට හොරණ ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවයට නතර කළ බව රිමාන්ඩ් ගත මව හෙළි කර තිබේ.

පසුගිය දිනෙක තම සැමියා දියණියව හොරණ ප්‍රදේශයේ නිවෙසින් රැගෙන පලා ගොස් ඇති බවට පයාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම පුවත හෙළි විය.

ප්‍රදේශයේ විවිධ උත්සවවල එම පියා සහ දියණිය නැටුම් සන්දර්ශන ඉදිරිපත් කර ඇති අතර සන්දර්ශනවලින් පසු රාත්‍රි කාලයේදී පියා දැරිය දූෂණය කර හොර අඹුව ලෙස තබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

මේ වන විට පියා සහ එම දැරිය අතුරුදහන්ව ඇති බවට පයාගල පොලිසිය පවසන අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>