15 හැවිරිදි දැරිය පැහැරගෙන ගිය 31 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

null

අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇය සමග අඹු සැමි සම්බන්ධතා පැවැත්වු 31 හැවිරිදි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මදුරන්කුලිය ජයසිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළිවී ඇත. සිද්ධියට මුහුණදුන් දැරිය මදුරන්කුලිය සුහදගම ප්‍රදේශයේ පදිංචිව සිටින 15 හැවිරිදි දැරියකි.

පොලිසිය කල විමර්ශණවලදී හෙළිවී ඇත්තේ මෙම 15 හැවිරිදි දැරිය පාසැල් නොයන බවයි.

පෙරේදා රාත්‍රී මෙම පුද්ගලයා දැරිය පැහැරගෙන ගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් පොලිසියට කල පැමිණිල්ලකට අනුව කල විමර්ශණයකදී ඔවුන් දෙදෙනා සොයාගෙන ඇත.

15 හැවිරිදි දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ මව පියා සහ සහෝදරියන් සමග ජීවත්වන තමා මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවයි.

එහි ප්‍රතිඵලයක් මත ඔහුගේ ඇරයුමෙන් ඔහු සමග ගිය බව ද දැරිය ප්‍රකාශකර ඇතැයි සඳහන්.

ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>