11 Feb 2015
15 හැවිරිදි පාසල් පෙම්වතුන් දැදුරු ඔයට පැන්නාද
වාරියපොළ ප්‍රදේශයේදී දැදුරු ඔය ජලාශයට පැන ඇති බවට සැක කෙරෙන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් සොයා මේ වන විට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි දැදුරු ඔය ජලාශයේ ඉවුරේ තිබී දෙදෙනාගේම පොත් බෑග් හමුවී ඇති අතර පිරිමි ළමයාගේ කමීසය ද එහි තිබී සොයාගෙන තිබේ.
පොත්පත් වල සඳහන් තොරතුරු මත මෙම ළමුන් දෙදෙනා කුඹුක්ගැටේ හා කුලියාපිටියේ පාසල් දෙකක 11 වසරේ ඉගෙනුම ලබන බව හෙළි වී ඇති අතර විදුහල්පතිවරුන් මාර්ගයෙන් දෙදෙනාගේම මව්පියන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
අද දහවල් 119 දුරකථන අංකයට ලද ඇමතුමක් මත වාරියපොළ පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය ඇසින් දුටුවෙකු නැති බැවින් ඔවුන් ජලාශයට පැන ඇතිදැයි සෙවීමට නාවික හමුදාවේ සහය ඉල්ලා ඇතැයි ද පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබේ.