17 හැවිරිදි සිසුවෙක් ගෙල කපා ඝාතනය කරලා

null

උඩවලව – කොළඹගේආර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙක් ගෙල කපා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හසිත එරංජන ලක්ෂාන් නැමැති ශිෂ්‍යයා යි.

මියගිය හසිත එරංජන නැමති මෙම සිසුවා කොළඹගේආර මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබේ. උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සිසුවාගේ කැපුම් තුවාල සහිත මළ සිරුර උඩවලව – මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයක් සමඟ දෙදෙනෙකු ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 17 සහ 21 යන වයස්වල පසුවේ. මේ පිළිබඳ අත්අඩංගුවට ගෙන ඇති රෝද රථයේ තිබී ලේ පැල්ලමක්‌ සහ මිරිස්‌ කුඩු තොගයක් ද සොයාගෙන තිබේ. ත්‍රි රෝද රථය මිරිස්වැල්‍පොත ප්‍රදේශයේ පිහිටි කලුමූකලාන වෙල්යායේ දොළ පහරකින් සෝදා ඇතැයිද ‍සඳහන්.

‍මළ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර 300 ක් පමණ දුරින් සිසුවා පන්ති රැගෙන ගිය ෆයිල් කවරයක්ද, ජංගම දුරකථන ආවරණයට යොදා ගන්නා ප්ලාස්ටික් කවරයේ කොටසක්ද ‍පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සිසුවා පන්ති නිමවී එමින් සිටියදී ත්‍රිරෝද රථයෙන් පැමිණි සැකකරුවන් ත්‍රීරෝද රථයට නංවාගෙන ඝාතනය කර ඇතැයි සැක පළ වී තිබෙන අතර ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>