19 ගැන විශේෂ සාකච්ඡාවක් අද

null

එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සවස් වනවිට අවසන් තීරණයක් ගනු ඇති බවත්, 20 වන සංශෝධනයද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 සහ 20 සංශෝධන දෙකටම එකවර ඡන්දය විමසීම වඩාත් යෝග්‍ය වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දිනයට සහභාගිවීමේ අවශ්‍යතාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ද කෙරෙනු ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගිවන ලෙස පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පසුගියදා ආරාධනා කළ අතර ඊට හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>