19 දෙවන වර කියවීම සම්මතයි

null

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම මින් මද වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි බහුතරයෙන් සම්මත වී තිබේ. ඊට පක්ෂව ඡන්ද 215 ප්‍රකාශ කළ අතර විපක්ෂය ඡන්ද 1 ප්‍රකාශවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය.

අනුර කුමාර මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැලකී සිටියේය. මන්ත්‍රීවරුන් 7 ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>