19 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය

null

19 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක් සංශෝධනය කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය. අදාළ ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද කටයුතු කරන බවද වාර්තා වෙයි.

පිටු 62 කින් සමන්විත 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

එහිදී මුලික කරුණු 8කට එකඟතාවය හිමි වූ බව කැබිනට් ප‍්‍රකාශකවරයා සදහන් කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබද බලය ඉවත් කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී නිර්නායකයන්ට යටත්ව සිදුකිරීම හා ජනාධිපති ධුර කාලය වසර 6යේ සිට 5 දක්වා අඩු කිරීමට ද යෝජනා වී තිබේ. ඊට අමතරව ජනාධිපති ධුර කාල දෙකකට සීමා කිරීම ද නව පනත් කෙටුම්පත මගින් යෝජිතයි.

මීට අමතරව මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කොට සෑම ආසනයකටම මන්ත‍්‍රීවරයෙකු නියෝජනය කළ හැකි පරිදි මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට ද මෙහිදී පිළිගෙන තිබේ. නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති තවත් සංශෝධනයක් වනුයේ කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීමයි. මීට අමතරව කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40කට සීමා කිරීමට ද යෝජනා වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>