28 Apr 2015
19 වන සංශෝධනයේ ඡන්ද විමසීම අද
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.
අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
9 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන 08න් 06කට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් පත් කළ කමිටුවේ එකඟතාවයකට පැමිණ තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
මොවුන් ඊයේ පස්වරුව දක්වා විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කර තිබෙන අතර ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවල ප්‍රගතිය දැනුම් දී තිබේ.
නව සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.