19 වන සංශෝධනය අගමැතිගේ කුමන්ත්‍රණයක්

null

19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

19 වන ව්‍යස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුවේ පාර්ශවයකම වන ජාතික හෙළ උරුමය චෝදනා කරන්නේ 19 වන ව්‍යස්ථා සංශෝධනය ජනතා පරිමාධිපත්‍යයට පටහැනි එකක් බවයි.

ඊයේ (24) පවතී මාධ්‍ය හමුවකදී චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඡන්දය දිනා ගත නොහැකි පුද්ගලයින්ට බලයට පැමිණීමේ කුමන්ත‍්‍රණයක් ලෙස එය හැඳින්විය හැකි බවයි.

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත්තේ තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව බවත් ජනපතිට ලැබුණු ධූරය මේ වන විට අගමැති විසින් කොල්ලකා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සංශෝධනයෙන් සිදු කරන්නට යන්නේ වසර 23ක් තිස්සේ මැතිවරණයක් දිනිගත නොහැකි වූ අයෙකු රටේ නායකයා කිරීම බවත් කී ඔහු, කැබිනට් මණ්ඩලය 40 දෙනෙකු දක්වා ඉහළ යාම යහපාලනයට විරුද්ධ දෙයන් බවද කීය.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය ලෙස තම පක්ෂයේ ස්ථාවරය වුයේ ජනාධිපති විධායකය බලතල අහෝසි නොකර එහි ඇති අත්තනෝමතික බලතල ඉවත් කළ යුතුව ඇති බව එම අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>