19 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

null

19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල ඉවත් කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 16 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

කෙසේ වෙතත් එම සංශෝධනය යළි සංශෝධනය කිරීමට සිදුවූ බවද වාර්තා වේ. ඒ එම සංශෝධනයට ජාතික හෙළ උරුමය විරෝධය පළ කිරීමත් ජනතා විමුක්‌ති පෙරමුණ ඊට සංශෝධන එක්‌ කිරීමට තීරණය කිරීමත් හේතුවෙනි.

ඊයේ පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරුණු අතර, ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට සංශෝධන ගෙන ඒමට එකඟතාවයකට පැමිණි බව එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සදහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>