27 Apr 2015
19 විවාදය අද පාර්ලිමේන්තුවට
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි.
ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 9.30ට පමණ ආරම්භ කර තිබේ.
මීට අදාළ ඡන්ද විමසීම හෙට සවස 6.30ට පමණ සිදු කිරීමට නියමිත බව සඳහන්ය.
පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති අතර ජාතික හෙළ උරුමය ද ඊට සහය පලකරන බව ඊයේ ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ මෙම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය මීට අවශ්‍ය වේ.