19 සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මතයි
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතරයකින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 212ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි. එක් අයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර 10 දෙනෙකු ඡන්දය විමසන ලද අවස්ථාවේ සභා ගැබෙහි සිට නොමැත.
යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඡන්දය ලබාදුන්හ.
නිදහස් සන්ධාන මන්ත්‍රි සරත් වීරසේකර මීට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්ත්‍රි අජිත් කුමාර ඡන්ද දීමෙන් වැළකී සිට තිබේ.
19 වැනි සංශෝධනය තෙවන වර ඡන්ද විමසීමට පෙරාතුව පැවැති දෙවන වර කියවීමේදී එය වැඩි ඡන්ද 214කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 215ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ඡන්දය පමණි. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඒ මොහොතේ සභාගර්භයෙහි සිටියේ නැත.