19 සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා

null

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධන ගැසට් පත්‍රය පෙරේදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබුණි. ඉදිරි දිනයකදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිත ය.

19වන සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි බිහි වන නව ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බව පක්ෂ විපක්ෂ සියලූ දෙනා මතකයේ තබාගත යුතු බවත්, එළැඹෙන මැතිවරණයේදී සියලූ පාර්ශ්ව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුත්තේ ද ඒ අනුව බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අද උදෑසන පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>