19 සම්මත වීම ඓතිහාසික ජයග්‍රහණයක්

null

තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වීම ශ්‍රී ලංකා ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ජයග්‍රහණය සඳහා වසර 37ක කාලයක් ගත වූ බවයි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් බලපෑම් කණ්ඩායම් ලෙස ක්‍රියාකළ මහා සංඝ රත්නය ප්‍රමුඛ සියලූ ආගමික නායකයින්ට සහ වෙනත් සියලූ සක්‍රිය පුරවැසියන්ට ද සිය ස්තූතිය පිරිනමන බවද, මෙම කෙටුම්පත සඳහා ඡන්දය ලබා දුන් සියලූ මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන පක්‍ෂවලට ද ස්තූතිය පළ කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපතිවරණ අවස්ථා පහකදීම ඒ සඳහා තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවේ මේ අවස්ථාවේදී බවත් ඔහු සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>