19 සම්මත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවනවා

null

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ‍ෙම් බව කියා සිටියේ අද (09) පොළොන්නරුවේදී පැවැති උත්සවයකදීය. පොළොන්නරුව පුළතිසි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අද මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙනි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා වැසි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමත්, එය සංශෝධනය කර ගත් පසුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවන්නට. ඒ තුළ බොහෝ වෙලාවට දේශපාලන වශයෙන් මේ රට තුළ තිබෙන යම් යම් අවුලක් වගේ පෙනෙන තත්ත්වය නිරවුල් වෙනවා. එම කාර්ය ඉටුකිරීමට මම බලාපොරොත්තු වෙනවා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>