1996 ලෝක කුසලානය දිනාගෙන අදට අවුරුදු 19
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 19ක් සපිරේ. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු 17 වන දා ය.
එම තරඟයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ ඔස්ට්‍රේලියාවයි. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානය හිමි කර ගැනීමට සමත් විය.
මෙහිදී තරඟයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වා ලබාගත් අතර තරඟාවලියේ වීරයා බවට පත්වූයේ සනත් ජයසූරිය යි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට දිනයේ පැවැත්වෙන අතර එම තරඟය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයේ ජය මාවත කරා යාම සියළු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂාවයි.