21 Jun 2015
20ට එකඟවිය නොහැකිනම් ආණ්ඩුව විසුරුවන්න
සියල්ලන්ට එකඟවිය නොහැකිනම් 20 වන සංශෝධනය සම්මත කරනු වෙනුවට ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්විම සුදුසු බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
සුළු සහ සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් කෝට්ටේ – නාගවිහාරයේදී ඊයේ (20) පැවැත්වු මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ ක්රමයේ වෙනසක් සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ ජාතීන්ට, සියලූ පාක්ෂිකයන්ට, සියලූ ආගම්වලට සාධාරණත්වය ඉටුකරන ආකාරයෙන් සිදුවිය යුතු බව ද මෙහිදී ප්‍රකාශ විය.