20ට එකඟ නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවනවා

null

විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි නම්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිිරිසේන පවසයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ජනාධිපති කාර්යාලයේදී පැවැති සිවිල් සංවිධාන නායකයින් සහ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ද එක්ව සිට තිබේ.

මේ අතර යෝජිත නව මැතිවරණ ක්‍රමය ලබන සතියේදී කැබිනට් අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලාපොරොත්තුවන බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>