20ට කැබිනට් අනුමැතිය හිමිවේ – මන්ත‍්‍රීධූර සංඛ්‍යාව 225

null

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවලියට එහි අනුමැතිය හිමිවී තිබේ.

අග්‍රාමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමටයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත එහිදී ප්‍රතික්ෂේප වී තිබේ.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එකී යෝජනාවට අනූව පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජනය වන මන්ත්‍රීන් 225 සංඛ්‍යාව තෝරා ගැනීමේදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් 125ක්ද, සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 75ක්ද, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීන් 25ක්ද තෝරාගැනීමට යෝජනා වූ බව අජිත් ‍පී. පෙරේරා මහතා පවසයි.

මීට අදාළ කෙටුම්පත දින 4කින් ඉදිරිපත් කිරීමට එකඟ වූ බවත්, අනතුරුව යළි එය කැබිනට් මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>