20න් මන්ත්‍රීවරු ගණන වැඩිකිරීමට එජාපයේ විරෝධය

null

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237 ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 20 වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ යෝජනාවට අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 225 , 237 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

අදාළ මන්තී‍්‍ර ධුර සඳහා කොට්ඨාස ක‍්‍රමයෙන් 145 දෙනෙකු , දිස්ති‍්‍රක් සමානුපාත ක‍්‍රමයෙන් 55 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් 37 දෙනෙකු වශයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමටද එයින් නිර්දේශ කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඊයේ රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ් සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාවට විරෝධය පළ කිරීමට තීරණය කළ බව භාණ්ඩාගාරික නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව වැඩි කිරීමේ මෙම යෝජනාව ජනතා කැමැත්තට පටහැනි බවත්, පවතින මත ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරිය යුතු බවත් එජාපයේ අදහස වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>