20 ගැන අවසන් කැබිනට් තීන්දුව අද

null

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී 20වන සංශෝධනය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වේ.

අද දින කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ දැනට කැබිනට් අනුමැතිය හිමි වී ඇති 20වන සංශෝධනයේ සඳහන් මැතිවරණ කොට්ඨාස 125 වෙනස් කර ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්නේ 20වන සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව බවද ඔහු සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>