20 සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවනවා

null

නව මැතිවර‍ණ ක්‍රමයකට අදා‍ළ 20 වන ව‍්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අද එකඟතාවකට එළඹි තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම 20 වන සංශෝධනයද කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>