20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ

null

20 වැනි සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බොහෝ දෙනා තුළ තිබු උනන්දුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතක් තම බලතල ඉවත් කරමින් 19 සම්මත කරගත් ජනාධිපතිවරයාට 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම අපහසු නොවන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාවිතා කරන නිවස ලබාදෙන බවද, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කොටුවේ ජනාධිපති මන්දිරයට නොයන නිසා ඩී.බී විජේතුංග හිටපු ජනාධිපතිවරයා භාවිතා කළ නිවසට යන බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>