20 /20 තරඟයත් පකිස්ථානය ජයගනී
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29 කින් ජයග්රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායම සමත්විය.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ පකිස්ථානුවන් කඩුලු 5ට ලකුණු 175ක් ලබා ගත්තේය.
එහිදී ෂොයිබ් මලික් නොදැවී ලකුණු 46ක්, උමාර් අක්මාල් ලකුණු 46ක් හා තිසර පෙරේරා ලකුණු 30ට කඩුලු 2ක් එහිදී ලබා ගන්නා ලදී.
ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි. ශ්රී ලංකා පිලට ජීවයක් ගෙනදුන් මිලින්ද සිරිවර්ධන ලබාගත් වේගවත් ලකුණු 35 හා චාමර කපුගෙදර නොදැවී ලබාගත් ලකුණු 31 හැරුණුවිට සෙසු පිතිකරුවන්ගෙන් කැපී පෙනෙන දායකත්වයක් නොලැබුණි.
පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 29 කට කඩුලූ 3 ක් දවා ගත් ෂොහීල් තන්වීර් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවේය.