2014 ණයට වඩා දින 100ට ණය වැඩියි

null

2014 වසරේදී ගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් දින 100 ඇතුළත වත්මන් රජය ලබාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේ ඊයේ (21) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. අද පුවත්පත වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

“ජාතියට අවශ්‍ය වෙන්නෙ පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නෙ හදවත හඳුනන ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන මිනිස්සු. ඒක නිසා තමුන්නාන්සේලගෙ යුතුකම ඉටුකරන්න. බුලත් කොළයට ඡන්දය දීලා බුලත් කොළය දිනවන්න. අද මේ තියෙන්නෙ යහපාලනය, පරිස්සමින් ඉන්න ඕන. නැත්නම් ගෙදර හිටියත් හිරේ යවන කාලයක් මේ. සමහරු මොන වැරදි කළත් ඒ පැත්තට යන්නෙ නැහැ. මමත් මාස 3 ක ඉඳලා ආවෙ. ඒ නිසා මට ඔරොත්තු දෙනවා. මට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි.

පසුගිය මැතිවරණයේදි අපි පරාජය වුණා. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි කවුරුත් රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නෙ නැහැ. එතුමා පත්වුණා විතරයි විධායක බලතල අතට අරගෙන තමයි මේ දින 100 කටයුතු කළේ. මේකට රතු සහෝදරයනුත් එකතු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ගෙජ්ජිය දැන් අලියගේ නැට්ටෙ එල්ලලා තියෙන්නෙ. නැට්ට වනනකොට තමයි සද්දෙ ඇහෙන්නෙ. මේක මම නෙමෙයි කිවුවෙ එතුමන්ලගෙ හිටපු නායක සෝමවංශ මහත්තයා. එහෙම කණ්ඩායමක් හිටියෙ. මේ දින 100 ඇතුළත පළිගැනීම පමණයි සිදුකළේ. දුන්නු පොරොන්දු එකක්වත් ඉටුකළේ නැහැ.

දැන් මෙයාලට වැඩ කරන්න සල්ලි නැහැ. මම 2014 වැඩකරන්න ගත්තු ණයට වඩා වැඩියෙන් මේ දින 100 ඇතුළත අරගෙන තියෙනවා. මේ සල්ලිවලට මොකද වුණේ කියලා අගමැතිතුමා ප්‍රකාශ කළ යුතුයි.

මේ රටේ තරුණයන් ගැන හැමදාම හිතුවෙ අපි. මොවුන් කළේ තරුණයන් විනාශ කරපු එක. ඒ ඉතිහාසය අපට අමතක වෙලා නැහැ. මේ අය විශ්වවිද්‍යාල සිසුන්ට ගැහුවා, හාමුදුරුවො හිරේ දැම්මා. අපේ කාලයේ එහෙම දේවල් තිබුණද? සමහර හාමුදුරුවරු මට කුණුහරුපෙන් බැනලා ගිහින් තියෙනවා.

තරුණ හාමුදුරුවොනෙ ඉතින් මම ගිලන්පස යැවුවා. ඒක බීලා කවුද එවුවෙ කියලා ඇහුවම මමය කිවුවම හානේ දැන් බීලා ඉවරයිනේ කියලා ඉතුරු ටික විසික් කරලා ගියාලු. එතනින්ම විරෝධය ඉවරයි. අපි ප්‍රශ්න විසඳුවෙ එහෙමයි. දින 100 ට මෙහෙම නම් තව ටික කාලයක් දුන්නොත් කොහොමට තියෙයිද? රට විනාශ වෙනවා.

අපි මේ අය කරන්න යන ඒවා කරන්න හිටියෙ. කොහෙද ඉතින් අවුරුදු දෙකක් තියාගෙන මම පණ්ඩිතකමක් කරානේ. හැබැයි ඒකෙන් හොඳකුත් වුණා. දැන් ජනතාව දන්නවනේ එජාපය ආණ්ඩු කරන හැටි”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>