2015 අයවැය වැඩි ඡන්ද 95න් සම්මතයි

null

2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 95 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණයි.

සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

අය වැයට විරුද්ධව ඡන්දය ලබාදෙන ලද්දේ එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

ජාතික හෙළ උරුමය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලි චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිට නොමැත.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වුණු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කණ්ඩායමද අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගි වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>