31 Dec 2015
2015 යතුරුපැදි අනතුරුවලින් දහසක් මරුට
2015 වසර තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ දිනය (30) අවසන් වනවිට එලෙස මියගොස් ඇති පුද්ගලයන් ගණන 1000 දක්වා ඉහළ ගොස් තිඛෙන බවයි.
යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී යාමෙන් සිදුවු අනතුරුවලින් මියගිය පැදිකරුවන් හා පසුපැදිකරුවන් සංඛ්‍යාව 299 ක්.
යතුරුපැදිකරුවන් මංතීරු නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සහ වෙනත් වාහනවල ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 367 ක්.
මංතීරු නීතිය උල්ලංඝණය කල වෙනත් වාහන යතුරුපැදිවල ගැටීමෙන් යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් 334 දෙනෙකු මරණයට පත්ව තිබේ.