2015 වසරට අදාල අයවැය අද පාර්ලිමේන්තුවට

null

2015 වසරට අදාළ අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අයවැය ලේඛණය ඉදිරිපත් කරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන 10 වන අයවැය මෙය වන අතර නිදහසින් පසු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන 69 වන අයවැය ලේඛණයද මෙයයි.

අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා විසින් අයවැය ලේඛණයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2015 වසරේ රජයේ වියදම රුපියල් බිලියන 1812 ක්. එය 2014 වසරේ සමස්ත වියදම වන රුපියල් බිලියන 1542 ට වඩා 17%ක වැඩිවීමක්.

එම වියදම පියවා ගන්නා ආකාරය ඇතුළත් යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. ජනාධිපතිවරයාගේ මෙහෙයුම් සහ සංවර්ධන වියදම් සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 9 යි දශම 5 ක්. අමාත්‍යාංශ අතරින් වැඩිම මුදලක් ඇස්තමේන්තු කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි 28,502 ක් වේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන පළමු වනදා දක්වා පැවැත්වේ. නොවැම්බර් මස 3 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කෙරෙන අතර එය අවසන් වන්නේ ලබන 24 වනදායි. ඒ අනුව එදින පස්වරු 6.30 ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මේ අතර අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විශේෂ කැබිනට් මණ්ඩල රැුස්වීමක් පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. අයවැය යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම එහිදී සිදු කෙරේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>