2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියළු දරුවන්ට උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව

null

වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

රටේ කිසිඳු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවත්, වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>