52 හැවිරිදි බෑනා 73 හැවිරිදි නැන්දම්මා දූෂණය කරලා

null

වයස අවුරුදු 73ක් වන තම නැන්දම්මාව දුෂණය කළ බව කියන බෑනා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලුණුවිල – වැරැල්ල වත්ත පදිංචි 52 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු කුලී වැඩ කර ජීවිකාව පවත්වා ගෙන යන අයෙකු බව හෙලිවී ඇතැයි පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති කාන්තාව සැකකරුගේ බිරිඳගේ මව වන අතර ඇය තම දරුවන් විවාහ වීමෙන් අනතුරුව ලුනුවිල – රජවත්ත ප්‍රදේශයේ තනිවම පදිංචිව සිටින කාන්තාවකි.

පසුගිය 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ තම නිවසට පැමිණි සැකකාර බෑනා බලහත්කාරයෙන් තමන්ව දුෂණය කර පලා ගිය බව අතවරයට පත්ව ඇති කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත.

නමුත් තමන් එවන් අපරාධයක් සිදු නොකළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.අතවරයට පත්ව ඇති බව කියන කාන්තාව අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාව සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>