6 දෙනෙක් ඇවිත් යතුරු පැදිකරුවෙකු ඝාතනය කරලා

null

නිවිතිගල – කොරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් 06 දෙනෙකු සම්බන්ධ බව මේ වනවිට අනාවරණ වී තිබේ.

මියගිය පුද්ගලයා සමඟ යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු මෙම කරුණු පොලිසියට අනාවරණය කර තිබේ.

29 වනදා රාත්‍රියේ සිදුවු පහරදීම හේතුවෙන් මියගියේ නිවිතිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියගේ ආධාරකරුවෙකු ද වේ.

කෙසේ වෙතත් මෙම ඝාතනය දේශපාලන ඝාතනයක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු බව තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>