8 වන පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරිය

null

8 වන පාර්ලිමේන්තුව නය කරන ලාබාලම මන්ත‍්‍රීවරිය වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි. මන්ත්‍රීවරියක ලෙස හිරුණිකා මහත්මිය අද (01) දිවුරුම් දීමට සූදානම් වන අතර ඇයගේ වයස මේ වන විට 27ක් වේ.

ඒ පිළිබඳව ඇය මෙසේ අදහස් දක්වා ඇත…

“මට දැන් 27 යි. පොඩි අය වුනත් අපි දැනගන්න ඕනේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඕන විදිය කතා කරන්න ඕන විදිය…දේශපාලන ප්‍රතිපත්ති වලට සමහර පක්ෂ විපක්ෂ තීරණ වලට අවලාද කියාගන්න එක එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක්. හැබැයි අනවශ්‍ය විදියට පාර්ලිමේන්තුව තුල ගරුත්වය අදාල නොවෙන විදියට කටයුතු කරන එක තමා අකමැති. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ජේයෙෂ්ඨයන්ගෙනුත් අපිට ආදර්ශ ගන්න පුළුවන්.”

ඩි.වී චානක සහ චතුර සේනාරත්න යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ලාබාලතම මන්ත‍්‍රීවරුන් අතර වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>