8 හැවිරිදි දැරියක් අතවර කර මරා දමයි

8yeargirl

ඝාතනය කර දමා ඇති බවට සැක කරන අවුරුදු 8ක දැරියකගේ මළ සිරුරක් ඊයේ (17) රාත්‍රී පින්නදූව, මාදොල, කටුපොල්වත්තේ තේවත්තක දමා තිබීයදී සොයාගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක නැමැති අංක 143, ජනබල ගම්මානයේ පදිංචි දැරියකි. ඇය අක්මීමන සුමංගල විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

පසුව සිදු කල පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ 8 හැවිරිදි මෙම දැරිය අසල්වැසි පුද්ගලයෙකු විසින් ඇයට අතවර කිරීමෙන් පසු ගෙල සිරකර මරා දමා ඇති බවයි.

එකී පුද්ගලයා විසින් දැරියට අතවර කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර ඝාතනය කිරීමෙන් පසු සිරුර අසළ තේ ඉඩමකට ගෙනත් දමා තිබියදී පොලීසිය ඊයේ රාත්‍රී සොයාගන්නා ලදී.

ඉතා දුප්පත් පවුලක විසූ දැරියකට කෲර ලෙස අතවර කර මෙලෙස ඝාතනය කර තිබුණේ ඇයගේ මව්පියන් මෙන්ම වැඩිහිටි සහෝදරිය ද නිවසේ නොසිටි අවස්ථාවේය. දැරියගේ පියා පෙදරේරුවකු බවත් මව තේ දළු නෙළන්නියක බවත් පොලීසිය පවසයි.

සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය මේ සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු ‍(32) අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඒ සඳහා ගාල්ල පොලිස් සුනඛ අංශයේ රොකී සුනඛයාගේද සහය ලබාගෙන ඇත.

01

02

03

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>