8 හැවිරිදි දැරිය ඝාතනය කල පාපතරයා දියේ ගිලී මියයයි

akmeemana child

පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා ඊයේ අත්අඩංගුවට ගැනුනේ රොකි නැමැති සුනඛයාගේ සහය ඇතිවයි. සුනඛයා ඉව අනූව සැකකරුගේ නිවසේ කාමරයේ ඇඳ ළගටම ගොස් නැවතී තිබේ.

ඉන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අපරාධය සඳහා යොදාගත් ඇඳුම් පෙන්වීමට යාමේදි මාදොළට පැන බේරී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු දියේ ගිලි මිය ගිය බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු බේරා ගැනීමට ගිය අක්මීමන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වතුර පෙවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකරු තමන් සිදුකළ අපරාධය ගැන පොලීසියට පාපොච්චාරණයක් ද කර තිබේ.

ඊයේ දහවල් සිය වැඩිමහල් සොහොයුරිය සමග පාසල් ගොස් නිවසට පැමිණීමෙන් පසු වැඩිමහල් සොහොයුරිය අමතර පංතියකට සහභාගිවීමට නිවසින් පිටත්ව ගොස් තිබේ. මව දළු නෙළන්නියක බවත්, පියා පෙදරේරුවෙකු බවත් කියන මෙම දැරිය විසූ පවුල ප්‍රදේශයේ දිළිඳු පවුලකි. එදින ඔවුන්ද රැකියා සඳහා ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ මෙම දැරිය තනිවමය.

සැකකරු මෙම දැරිය ඇගේ නිවසේ සිට ලඳු කැලයකට රැගෙන ගොස් දුෂණය කර ඇගේ ගෙල සිරකර ඇති අතර ඇය මියගොසි නැතැයි සැකය මත නැවත ඇගේ ගෙල ලණු පොටකින් සිරකර ඇතැයි පොලිසිය පවසයි.

මව පස්වරුවේ නිවසට පැමිණෙන විට දැරිය නිවසේ නොසිටීමෙන් කලබල වී ඇය සොයා ගැනීමට උත්සහ දරා ඇති අතර පසුව අක්මීමණ පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනූව අක්මීමන පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ඇරඹීමෙන් පසු තේ පදුරක් අසළ දමා තිබූ පින්නදුව, මාදොළ, කටුපොල්වත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක නැමැති 8 හැවිරිදි කුඩා දැරියගේ සිරුර ඊයේ රාත්‍රීයේම සොයාගන්නා ලදී.

akmeemana child

akmeemana child

akmeemana child
දැරිය ඝාතනය කර තිබු ස්ථානය

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>