BMW කතට ඇප – මානසික රෝගයක් නැතිලු

null

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේදී රථ වාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමෙන් පසුව තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව ඊයේ (22) ඇප මත නිදහස් කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය. ඒ අනුව ඇය ලක්ෂ 2ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 38 හැවිරිදි චමිලා ගයානි අමරසිංහ නමැති අදාළ කාන්තාව අවුරුදු 2 1/2 පමණ වන ඇයගේ දියණියට මව් කිරි දෙමින් මෝටර් රථය ධාවනය කරමින් සිටිම හේතුවෙන් ඇයගේ මෝටර් රථය නතර කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.

එහිදී ඇය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සිට පොලිස් නිලධාරියෙකුගේ හෙල්මට් එකක් ද රැගෙන පලායාම හේතුවෙන් ඇයව අත්අඩංගුවට පත්විය. ඇයට එරෙහි චෝදනාව වූයේ පොලිස් රාජකාරියට බාධා කිරීම හා උපකරණ පැහැරගැනීමයි.

එමෙන්ම ඇයට යම් මානසික ගැටළුවක් ඇති බවට ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටි නමුත් වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට කිසිදු මානසික ගැටළුවක් නැති බවට හෙළිව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>