BMW කතට මානසික රෝගයක් බව සැමියා කියලා
පසුගියදා මාලඹේදී පොලිස් නිලධාරීන් සමග බහින්බස්වූ BMW රථය පැදවූ කාන්තාව ගැනත් එම සිද්ධිය ගැනත් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
38 හැවිරිදි චමිලා ගයානි අමරසිංහ නමැති ඇය දැරියන් දෙදෙනෙකුගේ මවකි. වැඩිමල් දියණිය පාසල් යන වයසේ පසුවන අතර දෙවැනි දියණියට වයස මාස දෙකහමාරකි. මෙම කාන්තාව කොළඹ 05, කාශ්‍යප මාවතේ පදිංචිකාරියක වන අතර ඇය දැනට පදිංචිව සිටින්නේ කඩුවෙල ප්‍රදේශයේ ය.
පසුගිය 13 වැනිදා රාත්‍රී 7ට පමණ ඇය මාළඹේ ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට සහභාගීවූ වැඩිමල් දුව එය නිමාවූ පසු කැටුව කඩුවෙල පිහිටි නිවසට යමින් සිට ඇත. එම අවස්ථාවේ ඇය තම බාල දියණිය උකුලේ තබාගෙන රිය පදවා තිබේ. පසුව ඇය පවසා ඇත්තේ දරුවට මව්කිරි දීම සඳහා උකුළට ගත් බවයි.
මාළඹේ රථවාහන පොලිස් නිලධාරීන් මෙම අසාමාන්‍ය රිය පැදවීම නිසා වාහනය නතර කර ඇත. නමුත් ස්වභාවයෙන්ම කුකුළු කේන්තිකාරියක බව කියන ඇය පොලිස් නිලධාරීන් හා දිගින් දිගටම බහින් බස් වුයේ තමන් වරදක් නොකළ බව පවසමිනි. කෙසේ වෙතත් තලංගම පොලිස් නිලධාරියකු ඇය කළ වරද පෙන්වා දඩ කොළයක් ලියාදී තිබේ. මෙහිදී කෝපයට පත් එම කාන්තාව පොලිස් නිලධාරීන්ට බැණ වැදී දඩ කොළයද ඉරා දමා පොලිස් යතුරුපැදිය මත තිබූ ආරක්ෂක හිස් වැසුමද රැගෙන පලාගොස් තිබේ.
මෙම කාන්තාව ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඇයගේ සැමියා ඉදිරිපත් වී ඇය මානසික අසනීප තත්ත්වයක පසුවන බව පවසා සිටීම නිසා එවැනි අයෙකුට මෝටර් රථයක් පදවාගෙන යැමට ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් ඇගේ සැමියාද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාරිය මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පොලීසියට නියෝග කර ඇත.
පෙර පළවූ පුවත පහතින්.